මම දෙවියන් අදහමි.ඒක දේවවාදී වෙමි.එනම් නොපෙනෙන යමක් කෙරේ විශ්වාසයෙන් පසුවෙමි.බුද්ධ්යේත් මනසේත් අති ගැඹුරින් මම දෙවියන් අදහමි.
එහෙත් මට ආගමක් නොමැත.එහේ වාර්ගික වීම මම පිලිකෙව් කරමි.ලොව පුරා ආගමිකයො විශ්වීය සුන්දරත්වය වනසති.ජාතිවාදයට වඩා බිහිසුණු ලෙස ආගම්වාදය පතුරති. එකම දෙවියන් අදහන කිතුනුවාත් මුසල්මානුවාත් හින්දුවාත් සිය ආගම් වල නාමයෙන් මරා ගනිති.ඔවුන් සේම නොපෙනෙන කර්මය අදහන බොදුනුවාද ඉන් වෙනස් නොවේ.
මෙලොව පැවතිය හැක්කේ ඇදහීම් 2ක් පමණි.
1)නොපෙනෙන දේ විශ්වාස කිරීම
2)නොපෙනෙන දේ විශ්වාස නොකිරීම.
අප අතරේ පවත්නා මේ සියලු ආගම් මින් පලමු ගණයට වැටේ.ඇතැම් විද්‍යාව නොදන්නා බොදුනුවෝ මෙහිදී මට එරෙහි වෙත්.කර්මය පිලිගන්නා තැනැත්තා ඒ නොපෙනෙන නමුත් බුදුන් විසින් සිතීම නිශ්ඵල යයි පැවසුවාවූ ඒ රික්තය කේන්ද්‍රීයව සිය දහමේ පිහිටයි.
එය සියලු ආගම් වල කේන්ද්‍රයයි.දේවවාදී ආගම් විසින් දෙවියන් යැයි අරුත් ගන්වා ඇති සන්කල්පයම බුදු දහමේ වදනකින් අරුත් නොගන්වා දර්ශනයක් දක්වා එහි හැසිරීම විග්රහ කරයි.විද්‍යාව විසින් එයම ඊතරය ලෙස පෙන්වාදෙයි.එය මෙලොව පවතින තාක් සොයා ගත නොහෙන යථාර්තයයි.
Sunday, May 10, 2009
Subscribe to:
Posts (Atom)